Search

මෙම වසරේ දී ඔස්ට්‍රේලියා වීසා ලැබෙන්නන් ගැන අලුත්ම පුරෝකතනය මෙන්න

මෙම වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ අගයක් ගනු ඇති බවට පාලක කම්කරු පක්ෂය විසින් පුරෝකතනය කර තිබෙනවා.

එම සංඛ්‍යාව 260,000 ක් පමණ වනු ඇති බවටයි එහි සදහන් වී ඇත්තේ.

ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේදී පමණක් ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණිකයන් 445,700 දෙනෙකු පැමිණ ඇති බවයි.

මේ අතර පසුගිය Covid වසංගත කාල සීමාව තුළ ඔස්ට්‍රේලියාව වෙත පැමිණි සංක්‍රමණිකයි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් 2023 වසරේදී පමණක් 535,500 ක වාර්තාගත සංක්‍රමණිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාව වෙත පැමිණ තිබීම ද විශේෂත්වයක්.

මෙවැනි පසුබිමක් තුළ පාලක කම්කරු පක්ෂයේ නව සංක්‍රමණ නීති පදනම් කරගෙන ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන පහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »