
ගෝලීය උණුසුම ඉහළම අගයක් වාර්තා කළ වර්ෂය බවට පසුගිය වර්ෂය පත්ව තිබෙනවා.
එක්සත් ජනපද විද්‍යාඥයින් විසින් සිදු කළ අධ්‍යයනයන් හරහා එය තහවුරු වී තිබෙන බවයි දැක්වෙන්නේ.
1850 වසරේ සිට එන ගෝලීය උණුසුම සම්බන්ධ වාර්තාවල දත්ත පදනම් කරගෙන මෙම සොයාගැනීම සිදු කර තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව 2024 වසරේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට (Pre – Industrial Level) වඩා සෙල්සියස් අංශක 1.6 ක පමණ අගයක් ගෙන තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.
2023 වසරට සාපේක්ෂව එම අගය සෙල්සියස් අංශක 0.1 කින් ඉහළ ගොස් තිබෙනවා.
