
අධික බලශක්ති පිරිවැයට එරෙහිව සටන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ Pre – Election Pitch දේශනයක් අතරතුර දී වීම ද විශේෂත්වයක්.
බලශක්තිය සදහා වැය වන අධික පිරිවැය පදනම් කරගෙන ඔස්ට්‍රේලියා ආර්ථිකය තුළ උද්ධමනයක් නිර්මාණය වන බවයි විපක්ෂ නායකයාගේ අදහස වී තිබුණේ.

එම උද්ධමනය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම සිදුවන බව ද ඔහු විසින් පෙන්වා දී තිබුණා.
එහිදී පීටර් ඩට්න් සන්ධානයේ න්‍යෂ්ඨික බලශක්ති සැලසුම සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේ දී න්‍යෂ්ඨික තාක්ෂණය පදනම් කරගෙන ඔස්ට්‍රේලියානුවන්ට විදුලි බලය ලබාදීම ඔවුන්ගේ සැලසුම වී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.