වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවගේ විදුලි බිල කැපී පෙනෙන ලෙස අඩුවීමේ සුභ ආරංචියක් පිළිබඳ වාර්තා වනවා.

ඒ දැනට විදුලි සැපයුම් ලබාදෙන මහා පරිමාණ සමාගම් සමග තරග කිරීමට ReAmped Energy නම් කුඩා සමාගමක් ක්ෂේත්‍රයට පිවිසීමත් සමගයි.

Canstar Blue හි Simon Downes  පවසන්නේ මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි පාරිභෝගිකයන්ට අසන්නට ලැබෙන යහපත්ම ප්‍රවෘත්තිය වනු ඇති බවයි.

ReAmped Energy සමාගමේ ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු අගයක පැවතීමයි මීට හේතුව වන්නේ.

මේ අනුව නව සමාගමේ සබඳතා මිළදී ගන්නන්ට සියයට 24 ක් දක්වා වන ගාස්තු ඉතිරි කිරීමකට අවස්ථාව උදාවනවා.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »