Search

වික්ටෝරියා හි ආර්ථික වර්ධනය සහ ව්‍යාපාර ගැන නවතම වාර්තාවක්

2024 වසරේ ආර්ථික වේගය අතින් වික්ටෝරියා ප්‍රාන්තය කෑපි පෙනෙන දියුණුවක් වාර්තා කර ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්ත අනුව හදුනාගෙන තිබෙනවා.

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ වැඩි රැකියා උත්පාදනයකට මෙන්ම ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් පෑමට වික්ටෝරියා ප්‍රාන්තයට හැකිව තිබුණා.

අනෙකුත් ප්‍රාන්තවලට වඩා සාපේක්ෂ වික්ටෝරියා හී වේගවත් ආර්ථිකයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්.

2022-23 වසරේ දී වික්ටෝරියා හි ආර්ථික වර්ධනය සියයට 3.4 ක් වූ අතර 2023-24 දී දල ජාතික නිශ්පාදනය ද සියයට 1.5 ක වැඩිවීමක් වාර්තා කර තිබුණා.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සදහා රැකියා ක්ශේත්‍රය ප්‍රධාන සාධකයක් වන අතර, ස්ථීර රැකියාවක නියුතු වික්ටෝරියානුවන් දැන් වාර්තාගතලෙස ඉහළ යෑමද වඩාත් හොද ප්‍රවනතාවයක් ලෙස සදහන්.

Covid වසංගතයේ උච්චතම බලපෑමෙන් පසු තවත් වික්ටෝරියානුවන් 600,000 කට වැඩි පිරිසක් ස්ථීර සේවයේ යෙදී සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර දෙක තුළ 280,000 කට වැඩි පිරිසක් වික්ටෝරියා හි නව රැකියා ලබා අති බව සදහන්.

එසේම වික්ටෝරියා හි ව්‍යාපාර ආයෝජන වර්ධනය ද සියයට 62.4කින් ඉහළ ගොස් තිබෙනවා.

 

Chart 1: Growth in real gross state product, 2013-14 to 2023-24 (%)

Chart 2: Change in employment, Nov 2014 – Oct 2024 (‘000s)

 

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »