Search

‘හැරී – මේගන්’ යුවළ හදිසියේම ලොස් ඇන්ජලිස් යයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරිය කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස් වෙත පැමිණ තිබෙනවා.

 

ඒ ලැව්ගිනි හේතුවෙන් විපතට පත්වූවන් මුණගැසීම සඳහා.

 

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ඊයේ පැසඩේනා සම්මෙලන මධ්‍යස්ථානයට ගොස් ඇල්ටඩෙනාහි ඊටින් ගින්නෙන් විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා තිබෙනවා.

 

එම යුවල 1,200කට පමණ ආහාර බෙදාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

හැරී කුමරු සහ මේගන් ඔවුන්ගේ වෙබ් අඩවියේ නිල ප්‍රකාශයක් පළකරමින් ගින්නෙන් විපතට පත්වූවන්ට සහය ලබාදෙන ලෙස සංවිධාන වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

 

මේ වන විට ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස සහ අනෙකුත් ව්‍යුහයන් 10,000 කට වඩා විනාශ වී ඇති බවට ගණන් බලා තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශය “යුද ස්ථානයක්” ලෙස විස්තර කර ඇති අතර මරණ සංඛ්‍යාව වැඩි වීමට “බොහෝ විට” ඇති බවට අනතුරු අඟවනවා.

තවත් තද සුළං සඳහා වන පුරෝකථනයක් සමගින් ලැව්ගිනි තවදුරටත් පැතිර යා හැකි බවට බියක් ඇති බවයි කාලගුණ නිලධාරීන රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »