Search

AI තරුණ ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා ක්ෂේත්‍රයට බලපෑම් කරන්නේ කෙසේ ද?

නවීන තාක්ෂණයත් සමග ඉදිරියේදී රැකියා වෙළඳපොල තුල සිදු වන වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර විවිධ මත පවතින බවට නව සමීක්ෂණයක් මගින් හෙළිවී තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ කම්කරුවන්ට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සම්බන්ධයෙන් පවතින්නේ මිශ්‍ර හැඟීම් බවයි හෙළි වන්නේ.

Freelance Service marketplace Fiver (ෆ්‍රී ලාන්ස් සර්විස් මාකට්ප්ලේස් ෆයිවර්) විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ නව පරම්පරාවේ සියයට 51ක් ඉදිරි වසරවලදී AI තාක්ෂණය සමග රැකියා ස්වයංක්‍රීය කරණය වීම පිළිබඳ බියකින් පසුවන බවයි.

එමෙන්ම සියයට 52ක පමණ පිරිසක් මෙය නව අවස්ථාවක් ලෙසට සලකමින් ඒ සඳහා අවශ්‍ය නව නිපුණතා ලබා ගැනීමේ නිරත වන බවයි සඳහන් වන්නේ. 

තවත් සියයට 37 ක් එම නව තාක්ෂණික කුසලතා ලබා ගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද සඳහන්. 

තරුණ පරම්පරාවේ සේවකයින්ගෙන් සියයට 44 ක් පමණක් ඔවුන්ගේ AI තාක්ෂණික නිපුණතාවය පිළිබඳ විශ්වාසයක් පවතින බව මෙම සමීක්ෂණයේදී හෙළිවූ සුවිශේෂී කරුණක්.

ටෙස්ලා සහ ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් විසින් AI තාක්ෂණය හේතුවෙන් රැකියා කප්පාදුවක් සිදු වනු ඇති බවට අනාවැකි පළ කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම නව සොයාගැනීම් සිදු වී තිබෙනවා. 

ඔහු සඳහන් කර තිබුණේ නුදුරු අනාගතයේදී විනෝදාංශයක් ලෙස රැකියාවක් කිරීමට අවශ්‍ය වන්නේ නම් රැකියාවක් කළ හැකි අතර එසේ නොවන්නේ නම් AI තාක්ෂණය සහ රොබෝවරු ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සහ සේවාවන් සපයනු ඇති බවයි. 

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »