
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ රැදවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් මානසික සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී ඇති බව සොයාගෙන තිබෙනවා.
ඇතැම් පිරිස් ස්වයං ජීවිත හානි සිදු කර ගැනීමට උත්සහ කරන බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2019 වසරේ සිට 2024 දක්වා රැදවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් ස්වයං-හානිකර ගැනීමේ සිදුවීම් 2670 ක් පමණ වාර්තා වී ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
සාමාන්‍යයෙක් එක් රැඳවියෙකු මෙලෙස රඳවා තබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයට එක් වසරකය අවම වශයෙන් ඩොලර් 428 542 ක් වැය වන බව සඳහන්.

බොහෝ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ මධ්‍යස්ථානවල රැඳවියන් 1000කට වැඩි පිරිසක් සිටින අතර සෑම දිනකම අවම වශයෙන් ස්වයං හානි කර ගැනීම් සදහා උත්සහ කරන සිදුවීම් 1ක් හෝ වාර්තා වන බව සඳහන්.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත පෙන්වා දෙන්නේ මෙලෙස රැදවුම් මධ්‍යස්ථානයන් හි සිටින සංක්‍රමණිකයින්ගේ මානසික සෞඛ්‍ය පිරිහෙමින් පවතින බවයි.

නොයෙක් ජාවාරම් වලට හසුවි නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණිමට පෙර ඒ පිළිබඳ අවධානට යොමුකරන ලෙස ඔස්ට්‍රේලියානු රජය වරින් වර ජාත්‍යන්තර ප්‍රජාව දැ