විවිධ වූ Subscription සේවාවන්ට ලියාපදිංචි වීමේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මූල්‍ය අර්බුදයකට ගොදුරු වී තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
Finder දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 79% ක් පමණ අවම වශයෙන් එක් Subscription සේවාවකට හෝ ලියාපදිංචි වී තිබෙන බවයි.
ඔස්ට්‍රේලියානු පවුලක් දළ වශයෙන් ඩොලර් 540 ක මුදලක් Streaming සේවාවන් සදහා පමණක් වියදම් කරන බවයි ඒ හරහා පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම Ad-free option සේවාව සහිත සංගීතය සහ ක්‍රීඩා (Music & Sports) සම්බන්ධ Subscriptions සදහා වසරකට ඩොලර් 1700 ක පමණ වියදමක් දැරීමට සිදුවන බව ද සදහන්.
පසුගිය වසරවල දී ඇතැම් Subscription සේවාවන්ගේ මාසික ගාස්තු ඩොලර් 5 කින් හෝ ඩොලර් 6 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පවුල්වල වියදම් සදහා සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙන බවයි Finder හි මූල්‍ය විශේෂඥ රෙබෙකා පයික් විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.