Search

ළමා රක්ෂණ වියදම් ගැන ෆෙඩරල් රජය වැඩි අවධානයක

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් ළමා ආරක්ෂණ වියදම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ නව ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන ඉදි කිරීම සදහා ඩොලර් මිලියන 40 ක් වෙන් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර 2023 වසරේ දී ෆෙඩරල් රජය විසින් හදුන්වා දුන් Start Strong වැඩසටහන ඔස්සේ මෙම වසරේ දී පවුල් 200,000 කට පමණ ප්‍රතිලාභ හිමි වීමට නියමිතයි.

ඒ අනුව රජයේ අනුමත ප්‍රජා හෝ ජංගම පෙර පාසල්වල (Community or Mobile Preschools) අධ්‍යාපනය ලබන වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට මේ සදහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

ඔවුන්ට මෙම වැඩසටහන හරහා වාර්ෂිකව ඩොලර් 4,347 ක මුදලක් ඉතිරි කර ගත හැකි වීම ද විශේෂත්වයක්.

අදාළ වැඩසටහන ඔස්සේ අධ්‍යාපනය ප්‍රජාවට දැරිය හැකි මට්ටමකට ගෙන එන බවයි Education & Early Learning අමාත්‍ය Prue Car විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »