ආසියානු කලාපයේ ඉහළම IQ අගයක් සහිත රටවල් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ international – iq – test.com වෙබ් අඩවිය විසිනුයි.
ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව තිබෙන අතර ශ්‍රී ලංකාවේ IQ අගය 102.02 ක් බවයි දැක්වෙන්නේ.
ආසියානු කලාපයේ ඉහළම IQ අගයක් සහිත රට බවට පත්ව ඇත්තේ චීනය වන අතර එම අගය 107.19 ක් වීම ද විශේෂත්වයක්.
මෙහි දෙවන සහ තුන් වන ස්ථාන පිළිවෙලින් දකුණු කොරියාව සහ ජපානය විසින් හිමි කර ගෙන තිබෙන බවයි සදහන් වන්නේ.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය ඇතුළු සෙසු දකුණු ආසියාතික රටවලට මෙම ශ්‍රේණිගත කිරීමේ දී පහළ ස්ථාන හිමි වී තිබීම ද කැපී පෙනෙනවා.