ඔස්ට්‍රේලියානුවන් සදහා ඇන්ටාක්ටිකාව තුළ රැකියාවක නිරත වීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙලෙස රැකියා අවස්ථා හදුන්වා දී ඇත්තේ ” Australian Antarctic Program” හරහා වීම ද විශේෂත්වයක්.
එම වැඩසටහන යටතේ පවතින පුරප්පාඩු සදහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට හැකියාව පවතින බවයි පැවසෙන්නේ.
ඒ අනුව වඩු කාර්මික ශිල්පීන්, සූපවේදීන්, සැපයුම් නිලධාරීන්, තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ කාර්මික ශිල්පීන් ඇතුලු විවිධ වෘත්තීන් සදහා ඉදිරියේ දී ඔස්ට්‍රේලියානුවන් බදවා ගැනීමට නියමිතයි.
බදවා ගන්නා වෘත්තීන්වල රැකියා කොන්ත්‍රාත්තු කාල සීමාව මාස 06 සිට මාස 15 කට වැඩි කාල පරාසයක් දක්වා විහිදෙන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු Australian Antarctic Program හි නිල වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.