මෙම වසරේ ජනවාරි 09 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 70,944 දෙනෙකු පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා වලට අනුව අදාළ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව 3,055 ක් බවයි දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණි රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.
අදාළ කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 11,749 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
දත්ත වාර්තාවට අනුව ජනවාරි 9 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව 11,629 ක් වීම ද විශේෂත්වයක්.
මේ අතර බ්‍රිතාන්‍යයේ සහ ජර්මනීයේ සිට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිවෙලින් 5,520 ක් සහ 5,049 ක් බවද එහි වැඩිදුරටත් සදහන්.