ලොව හොඳම විශ්ව විද්‍යාල 50 අතුරින් වඩාත් අලංකාර විශ්වවිද්‍යාල 20ක් Time out සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ # tag (හැෂ් ටැග්) යොදා පළ කර තිබූ ඡායාරූප දත්ත අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.
Time out සඟරාව විසින් මෙම දත්ත ඉදිරිපත් කර ඇති අතර ගතවූ මාස 12ක කාලසීමාව තුළ සමාජ මාධ්‍ය තුළ සටහන් වූ තොරතුරු අනුව මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇති බව සඳහන්.
ඒ අනුව වඩාත්ම අලංකාර මෙන්ම සමාජ මධ්‍යයේ වඩාත් කතා බහට ලක්වූ විශ්ව විද්‍යාලය ලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයයි.
එම සරසවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පළ කිරීම් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 2ක් ද ලොව වඩාත් අලංකාර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට ඇතුලත් අතර ඒ අනුව සිඩ්නි විශ්වවිද්‍යාලය 18 වන ස්ථානයටත් මෙල්බන් විශ්වවිද්‍යාලය 20වන ස්ථානයටත් පත්වී තිබෙනවා.