Search

නවසීලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.

ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (11) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 290 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක රැස් කිරීම ද විශේෂත්වයක්.

ලකුණු 291 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 29 පන්දු 04 තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ඒ අනුව තරග 2- 1 ක් ලෙස තරගාවලියේ ජය හිමි කර ගත්තේ නවසීලන්ත කණ්ඩායමටයි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »