ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් 2023 වසරේ දී ඉදි කරන ලද සමාජීය නිවාස (Social Houses) සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ Australian Institute of Health and Welfare විසින් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව ෆෙඩරල් රජය විසින් අඩුම නිවාස සංඛ්‍යාවක් ඉදි කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම අගය 3% ක් වීම ද විශේෂත්වයක්.
අදාළ කාල සීමාව තුළ වැඩිම සමාජ නිවාස ප්‍රමාණයක් ඉදි කර ඇත්තේ Nothern Territory හී වන අතර එම ප්‍රමාණය 14% ක් වන බවයි සදහන් වන්නේ.
ඒ යටතේ ACT හි 7% ක නිවාස ප්‍රමාණයක් ඉදි කර ඇති අතර ටස්මේනියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත තුළ ඉදි කර ඇත්තේ 6% ක නිවාස ප්‍රමාණයක් වීම ද කැපී පෙනෙනවා.
ෆෙඩරල් රජය විසින් අදාළ කාල සීමාව වනවිට ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්තවල ඉදි කර ඇති සමාජ නිවාස ප්‍රමාණය 4% ක් බවයි මෙම දත්ත වාර්තාව ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.