Search

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශයකට ප්‍රබල භූකම්පන තත්වයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් කඳු වැටිය ආශ්‍රිත හෝකර් නගරයට රික්ටර් මාපකයේ 4.5 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

අද පස්වරු 1.22 ට පමණ මෙම භු කම්පන තත්වය වාර්තා වි ඇතැයි සදහන් වනවා.

ෆ්ලින්ඩර්ස් කඳු වැටියේ හෝකර් නගර වැසියන්
120කට පමණ මෙම භූකම්පන තත්වය දැනී ඇති බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාව මුලින් මනිනු ලැබුවේ රික්ටර් මාපක 5.1 ක් ලෙස වන අතර පසුව එය රික්ටර් මාපකයේ 4.5 ක භූ කම්පන තත්වයක් ලෙසයි දැනුම් දී ඇත්තේ.

අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් සමාජ මාධ්‍යවල භූමිකම්පන තත්වය දැනුණු බව වාර්තා කර තිබුණා.

සිද්ධිය පිළිබද කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »