ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඉදිරි ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන විචාරකයින් විසින් මත පළ කර තිබෙනවා.
යම් හෙයකින් ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කළ හොත් පූර්ණකාලීනව සිය දෙවන ධූර කාලයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නිව් සවුත් වේල්ස් හි මධ්‍යම වෙරළ තීරයෙන් නිවසක් මිළදී ගෙන තිබෙන බවට වාර්තා වනවා.
මේ නිසා ඇතැම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය වී තිබුණේ ඇන්තනී ඇල්බනීස් විසින් ඉදිරි කාල සීමාව සදහා අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
මෙම සතිය මුලදී අග්‍රාමාත්‍යවරයා විසින් මැතිවරණ චක්‍රය (Election Cycle) වසර 04 ක් දක්වා දීර්ඝ කිරීම සදහා යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය විපක්ෂ නායක පීටර් ඩටන් ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන බවයි සදහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ යෝජනාවට සහය පළ කරන බවට විපක්ෂ නායකවරයා තමාට පෞද්ගලිකව සදහන් කර තිබුණු බවයි.