මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා කාර්යංශ පුරෝකතනය කර තිබෙනවා.
එනම් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සති අන්තයේ සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ යනු ඇතැයි සඳහන්.
මේ වන විටත් ක්වීන්ස්ලන්ඩ් ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
ලබන සතියේ මුල් දින කිහිපය තුළ බටහිර ක්වීන්ස්ලන්ඩ් හි ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 සිට 47 දක්වා ඉහළ අගයක් ගනු ඇතැයි ද කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.