Search

ගුවන් මගියාගේ ගමන් බෑගයෙන් හමුවූ අමුතු හිස

කැනේඩියානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී ‘කිඹුලෙකුගේ හිස් කබලක්’ හමුව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ 32 හැවිරිදි කැනේඩියානු ජාතිකයා, ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවදිල්ලි ගුවන් තොටුපළේදී යි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව එම පුද්ගලයා ඉන්දීය අගනුවර සිට කැනඩාව බලා යමින් සිටියදී කරන ලද ගුවන්තොටුපළ (DEL) ආරක්ෂක පරීක්ෂාවකදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිඹුල් හිස් කබල එරට වනජීවී ආරක්ෂණ පනත යටතේ ආරක්ෂා කර ඇති විශේෂයකට අයත් බව සඳහන්.

ඒ අනුව අදාළ කැනේඩියානු ජාතිකයා වනජීවී නීතිය සහ රේගු පනත උල්ලංඝනය කර ඇති බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිල්ලි රේගුව ප්‍රකාශ කර තිබුණේ, රසායනාගාර පරීක්ෂණ සඳහා හිස් කබල ‘වන හා වනජීවී දෙපාර්තමේන්තුවට’ භාර දී ඇති බවයි.

වනජීවී වෙළඳාම නිරීක්ෂණය කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන TRAFFIC විසින් 2022 දී නිකුත් කරන ලද වාර්තාවකින් හෙළිව තිබුණේ, ඉන්දියාවේ ගුවන් සේවා අංශය වේගයෙන් වර්ධනය වනවාත් සමඟ ම ඉන්දියාව ප්‍රමුඛ කලාපය පුරා “වනජීවී ජාවාරම සඳහා ගුවන් තොටුපළ අනිසි ලෙස භාවිතා කිරීම” ද සිදු වන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »