Search

අද්භූත සිදුවීම් පවසා කාන්තාවන් රවනට කල්ලියක් මෙල්බන් වලින්

අද්භූත සිදුවීම් පිළිබඳ පවසමින් මෙල්බන්හි වයෝවෘර්ධ කාන්තාවන්ට ඉලක්ක කරමින් විවිධ වංචා සිදු කළ පුද්ගල කන්ඩායමක් පිළිබද මෙල්බන් වලින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම කණ්ඩායමට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් වයෝවෘර්ධ කාන්තාවන්ට ඔවුන් පසුපස හඹා යන ආත්මයක් පවතින බවත් එමගින් ඔවුන්ට සහ පවුලේ සාමාජිකයින් අනතුරක් පවතිනවා යැයි පවසා මුදල් සහ ස්වර්ණාභරන වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම බන්ධනයෙන් මිදීමට මුදල් සහ ස්වර්ණාභරණ සහිත බෑගයකට යාච්ඤා කිරීමෙන් වින්දිතයාට ආත්මයෙන් මිදීමට උදව් කිරීමට හැකි බව සදහන් කර වයෝවෘද පුද්ගලයින්ගේ මුදල් සහා ස්වර්ණාභරණ සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විපතට පත් වූ පුද්ගලයාට ටික වේලාවක් බෑගය දෙස නොබලන ලෙස දන්වා ඇති අතර අවසානයේ ඔවුන් බෑගය දෙස බලන විට ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බව ඔවුන්ට පෙනී ගොස් තිබුණා.

මෙම කල්ලිය නිසා පුද්ගලයින්ට ඩොලර් 150000 කට අධික මුදල් සහ ස්වර්ණාභරණ අහිමි වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සොයා මේ වන විට වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »