Search

අලුත්ම Passport දර්ශකයේ ඔස්ට්‍රේලියාවට හිමිවු තැන මෙන්න

2025 සඳහා ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස යලිත් වරක් සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රය අංක එකට නම් කර තිබෙනවා.

2025 ජනවාරි 8 වනදා වසරේ Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය නිකුත් කර තිබුණා.

මෙම දර්ශකය නිකුත් කිරීමේ දී ලෝකයේ විදේශ ගමන් බලපත්‍ර 199 එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් කර තිබීමද විශේෂත්වයක්.

Henley විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් අනුව රටක පුරවැසියන්ට ප්‍රවේශ විය හැකි වීසා රහිත රටවල් ගණන මත පදනම්වයි මෙය නම් කර ඇත්තේ.

රටවල් 195කට වීසා රහිත ප්‍රවේශ වීමේ හැකියාව මත සිංගප්පුරුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන ජපානය හිමිකරගෙන ඇත් අතර රටවල් 193කට විසා රහිතව ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ෆින්ලන්තය, ප්‍රංශය ජර්මනිය ඉතාලිය දකුණු කොරියාව සහ ස්පාඥය එම ශ්‍රේණිගත කිරීමේ 3 වන තැනට නම් කර තිබෙනවා.

ලොව බලවත් විදේශ ගමන් බලපත්‍රය අතර ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 6 වන ස්ථානය වන අතර 2024 වසරේද ඔස්ට්‍රේලියාවට හිමිව තිබුණේ 6 වන ස්ථානයයි.

රටවල් 189කට විසා රහිතව ප්‍රවේශ වීමේ හැකියාව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය හිමියන්ට අවස්ථාව හිමිවනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »