Search

ලොස් ඇන්ජලීස් ආපදා පාලනයට අවශ්‍ය උපකාර කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

ලොස් ඇන්ජලීස් වලට බලපා ඇති දරුණු, ව්‍යසනකාරී ලැව්ගිනි මධ්‍යයේ ඇමරිකාවට අවශ්‍ය සහය ලබාදීමට ඔස්ට්‍රේලියාව සුදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

හදිසි ආපදා කළමනාකරණ අමාත්‍ය ජෙනී මැක් ඇලිස්ටර් පවසන්නේ ඇමරිකාවේ ලැව්ගිනි කළමනාකරණය කිරීම සදහා සහාය දීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඇමරිකාව විසින් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම් කිසිවක් කර නැතත්, සෙනෙට් සභික මැක්ඇලිස්ටර් පැවසුවේ ඔස්ට්‍රේලියාව ඕනෑම අවස්ථාවක රාජ්‍යතාන්ත්‍රික සහය ලබාදීමට සුදානම් බවයි.

තවමත් ආධාර සඳහා ඇමරිකාවෙම් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර සෑම විටම අපි එක්සත් ජනපදයේ සිටින අපගේ මිතුරන්ට උදව් කිරීමට සූදානම්ව සිටිම බවයි ඔස්ට්‍රේලියානු රජය අවධාරනය කර ඇත්තේ.

ඉදිරියේදී ඒ සම්බන්ධ ඉල්ලීමක් ලැබුණහොත් අපට හැකි සෑම දෙයක්ම අපි වගකීමෙන් කරන්නෙමු ලෙස
මැක්ඇලිස්ටර් සදහන් කර තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »