Search

ඔස්ට්‍රේලියා වීසා කාණ්ඩයක කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයින් තේරිම ඇරඹෙයි

සේවක හිගය මගහරවාලීම සඳහා කුසපත් ඇදීම් ක්‍රමයක් පදනම් කරගත්  වීසා කාණ්ඩයක් වන Pacific Engagement Visa හි දෙවන අදියරේ කුසපත් ඇදීම ඊයේ සිදු කෙරුණා.

ඒ අනුව වසරකට පැසිෆික් දූපත් රාජ්‍යයන්හි පුද්ගලයන් 3,000 කට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතයි.

Pacific Engagement Visa ලෙස නම් කර ඇති මෙම වීසා කාණ්ඩය අධියර 02 ක් යටතේ ක්‍රියාත්මක වන අතර දෙවන අදියර මෙම වසරේ ආරම්භ වනු ඇති.

දෙවන අදියර Solomon Islands, Tonga, Timor-Leste, Vanuatu, Fiji, Tuvalu සහ Nauru යන රාජ්‍යයන් හි දැනටමත් ලියාපදිංචි වී ඇති අයගෙන් තේරීම් සිදු කර ඇති අතර අයදුම්කරුවන් තම ImmiAccount වෙත ප්‍රවේශ වීමෙන් තමන් ඒ සදහා සුදුසුකම් ලබා ඇති දැයි පරික්ෂා කළ හැකියි.

කුසපත් ඇදීමක් හරහා තෝරාගන්නා පිරිස් සඳහා පමණක් වීසා සඳහා ඉල්ලුම් කිරීමට මේ හරහා අවස්ථාව හිමිවනවා.

වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම / ඉංග්‍රීසි භාෂා නිපුණත්වය / යහපත් චරිතයක් සහ සෞඛ්‍ය තත්වයකින් පසුවීම මූලික අවශ්‍යතා වනවා.

එසේ කුසපත් ඇදීමෙන් ජයග්‍රහනය කළ පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන ආකාරය පිළිබඳ උපදෙස් email හරහා ලබා දෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

 

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »