නව වසර සැමරීම සදහා සිඩ්නි නගර ආසන්නයේ නීතිවිරෝධී ගිනිකෙළි භාවිත කිරීමෙන් සිදුවූ අලාභය
වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව නීති විරෝධි ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අලාභය ඩොලර් 50,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
එම නීති විරෝධි ගිනිකෙළි භාවිතය නිසා අපද්‍රව්‍ය ටොන් පහක් ගොඩගැසී ඇති බව සිඩ්නි ප්‍රාදේශීය සභාව සදහන් කළා.
ග්‍රීන්ක්‍රේහි රොබට්ස් උද්‍යානයේ, විලාවුඩ්හි තුරිනා උද්‍යානයේ සහ බාස් හිල්හි වෝල්ෂෝ උද්‍යානය අවට දැඩි හානි සිදුව ඇති බව සදහන්.
ඒ අවට පිරිසිදු කිරීම සදහා ඩොලර් 20,000 ක මුදලක් වැය ව ඇති අතර හානියට පත් ක්‍රිකට් තණතීරු තුන වෙනුවට තවත් ඩොලර් 30,000 ක මුදලක් ප්‍රතිසංස්කරන කටයුතු සදහා වැයවන බවයි වාර්තා වන්නේ.
මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ දේශීය ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වක් මේ හේතුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදුව ඇති බව ද සදහන්.
එසේම ටොන් පහක අපද්‍රව්‍ය ද ස්ථාන තුනක් පුරා එකතු කල බවයි ප්‍රාදේශීය සභාව සදහන් කලේ.
අපරික්ෂාකාරි පුද්ගලයින්ගේ “නොසැලකිලිමත්” හැසිරීම හේතුවෙන් ප්‍රාන්ත රජයට අමතර වැය බරක් සිදුව ඇති බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබෙනවා.
නීති විරෝධි ගිණිකෙළි භාවිත කර පුද්ගලයින්ට නීතිය තදන්ම ක්‍රියාත්මක කරන බවයි සිඩ්නි පොලීසිය අවදාරණය කර ඇත්තේ.