ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩිපුර මුදල් වැයකරන අංශ පිළිබද හදුනා ගැනීමක් කර තිබෙනවා.
ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම් විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අධික පිරිවැයක් පවරන බව ආර්ථික විශේෂඥයින් චෝදනා නගනවා.
මෙල්බන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි.
ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බවයි සදහන් වෙන්නේ
ෆෙල්ස් පෙන්වා දෙන්නේ මේ සදහා ප්‍රධානතම බලපෑම්කරු ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් බවයි.
පිටු 80කින් යුත් වාර්තාවක් එළිදක්වමින් ඔහු සදහන් කලේ ප්‍රධාන ක්ශේත්‍රයන් යටතේ අසාමන්‍ය ලෙස ජනතාවට පිරිවැයක් පටවන වබයි.
ආර්ථික බලධාරීන් මේ පිලිබද සමාලෝචනය කරමින් නිසි පියවර ගන්නැයි එහි වැඩිදුරටත් අවදාරනය කර තිබෙනවා.