![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
“Corepse Flower” නමින් හදුන්වන දුර්ගන්ධයක් හමන දුර්ලභ පුෂ්පයක් මෙල්බන් උද්‍යානයක යලිත් වරක් පිපී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 12 වනදා සිට මෙම දුගද මල Collectors Corner Garden World, උද්‍යානයේ පිපීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
Amorphophallus titanum යන නාමයෙන් හදුන්වන මෙම ශාකයේ පුෂ්පයක් පිපෙන්නේ වසර 10 කට වරක් පමණක් බවයි සදහන් වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
මෙවැනිම මලක් පසුගිය නොවැම්බර් මස ජීලොන්ග් හි උද්භිත උද්‍යානයේ දී පිපුණු අතර වාර්තාගත පිරිසක් එම අත්දැකීම ලබා ගැනීම සදහා එහි පැමිණ තිබුණා.
මෙම පුෂ්පය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබීම හේතුවෙන් නැවත වරක් Collectors Corner Garden World, උද්‍යානය මේ දින වල වඩාත් කාර්යබහුල බව සදහන්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මෙම දුර්ලභ මල පිපෙන විට කුණු වූ මාංශවලට සමාන දුර්ගන්ධයක් හමන බවට වාර්තා වන අතර එම සුවද මගින් පරාග වාහකයන්ව මල වෙත ආකර්ෂණය කරගැනීම සිදුකරනු ලබනවා.
මෙම ශාකය මේ වනවිට වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.
මෙම මල මීටර් 1.8ක් පමණ උස වන අතර එය අද දිනයේදී පිපීමට නියමිතයි.