ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කරන ලද මෝටර් රථවල අයිස් මත්ද්‍රව්‍ය අංශු අඩංගු විය හැකි බවට විශේෂඥයින් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙල්බන් හි Flinders විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෝටර් රථ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක දී මෙම කරුණු අනාවරණය වී තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව මෝටර් රථයක් තුළ ද මෙම මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව ඒවායේ අඩංගු විෂ සහිත අංශු මෝටර් රථයේ මතු පිට රැදෙන බවයි මෙම පර්යේෂකයින් විසින් සොයා ගැන ඇත්තේ.
මෙම අංශුවලට නිරාවරණය වන රියදුරන්ට සහ මගීන්ට ශ්වසන ගැටළු, හිසරදය, සමේ රෝග වැනි රෝගාබාධ රැසකට ගොදුරු වීමට සිදු විය හැකියි.
මේ අතර 2022 – 23 ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුබසාධන ආයතන දත්ත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 14 ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 1% ක් පමණ මෑතකාලීනව අයිස් සහ සහ Amphetamine භාවිතා කර තිබෙන බවයි.
වාහන අලෙවි කිරීමට පෙර විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙසයි සෞඛ්‍ය විශේෂඥයින් විසින් වාහන අලෙවිකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.