ඔස්ට්‍රේලියාව පුරා AI තාක්ෂණය අනිසි ලෙස භාවිතා කරමින් සිදු කරන Deepfake අපරාධ ක්‍රියාකාරම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.
මෙවැනි පසුබිමක් තුළ සිඩ්නි හි නිරිත දිග ප්‍රදේශයේ පාසලක සිසුවෙකු විසින් AI තාක්ෂණය භාවිතා කරමින් පාසල් සිසුවියන්ගේ ඡායාරූප විකෘති කොට අසභ්‍ය දර්ශන නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන බවයි දැක්වෙන්නේ.
චෝදනාවට ලක්ව සිටින සිසුවා පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ඔහු එම ඡායාරූප භාවිතා කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ද නිර්මාණය කර තිබෙනවා.
අදාළ සිද්ධිය පිළිබදව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බවත් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකාවක් විසින් අවධාරණය කර ඇත්තේ.
මෙවැනි ක්‍රියාකාරකම් කිසිසේත්ම නොඉවසන බවත් ඒවාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ප්‍රකාශයේ සදහන්.
පසුගිය වසරේ ජූනි මාසයේ දී වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් සිසුවෙකුට ද මෙලෙස පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 50 දෙනෙකුගේ පමණ ව්‍යාජ නිරුවත් ඡායා රූප නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී තිබුණා.
මෙවැනි තත්වයක් තුළ සෙනෙට් සභාව විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී Deepfake අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීම සහ බෙදා හැරීම වැළක්වීම සදහා පනතක් ද සම්මත කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.