Search

පිළිකා අවදානමක් නිසා සිඩ්නි වෙරළක් ගැන අනතුරු ඇගවීමක්

සිඩ්නි හි පිහිනුම්කරුවන් අතර ජනප්‍රිය පිහිනුම් ස්ථානයක් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

මෙලෙස පරීක්ෂාවට ලක් කෙරෙන්නේ සිඩ්නි හි Botany Bay අසල පිහිටි Tower Beach වීම ද විශේෂත්වයක්.

ඒ අනුව මෙම ස්ථානයේ දී PFAS රසායනික ද්‍රව්‍ය පරීක්ෂාවක් සිදු කරන අතර මෙම ද්‍රව්‍ය පිළිකා ඇති වීම සදහා විශාල බලපෑමක් එල්ල කරන බවයි සදහන් වන්නේ.

PFAS යනුවෙන් හදුන්වන්නේ ජලය සහ තාපයට ප්‍රතිවිරෝධී ලෙස ක්‍රියා කරන රසායනික ද්‍රව්‍ය 15,000 කට අධික සංඛ්‍යාවක එකතුවක් වීම ද කැපී පෙනෙනවා.

මේවා විද්‍යාඥයින් විසින් “Forever Chemicals” ලෙස ද හදුන්වනු ලබන බවයි වාර්තා වන්නේ.

අදාළ ප්‍රදේශයේ ජලය සමග ගනුදෙනු කිරීමෙන් වැළකී සිටින ලෙස ධීවරයන්ට සහ පිහිනුම්කරුවන්ට බලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබුණ ද ඔවුන් එම උපදෙස් දිගින් දිගටම නොසලකා හරින බවයි දැක්වෙන්නේ.

මේ අතර 2018 වර්ෂයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පරිසර සංරක්ෂණ අධිකාරිය විසින් Botany Bay සහ ඒ අසල පිහිටි George ගගෙන් අල්ලා ගත් මත්ස්‍යයින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදි එම මත්ස්‍ය සාම්පල වල PFAS රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ව ඇති බවටයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »