Search

ඔස්ට්‍රේලියානුවන් 2025 වසරේදී යළිත් ශ්‍රී ලංකාවේ දි පෙරමුණට

මෙම වසරේ ජනවාරි 05 වනදා වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 34,415 දෙනෙක් පැමිණ තිබෙනවා.

අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයින් සංඛ්‍යාව 1,708 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා හරහා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි ව ඇත්තේ 05 වන ස්ථානයයි.

ජනවාරි 01 වනදා සිට ජනවාරි 05 වනදා දක්වා ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 6,481 ක් බවයි දැක්වෙන්නේ.

එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව 6183 ක් වීම ද විශේෂත්වයක්.

මේ අතර බ්‍රිතාන්‍යයේ සහ ජර්මනීයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිවෙලින් 2,928 ක් සහ 2,921 පමණ වන බව ද එම දත්ත වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »