සෑම උදෑසනකම කෝපි පානය කිරීමෙන් හෘද රෝග වළක්වා ගත හැකි බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
එනම් උදෑසන කෝපි පානය කිරීමෙන් පුද්ගලයෙකුගේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි බවයි එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනය දී හෙළි ව ඇත්තේ.
උදෑසන කෝපි පානය කරන්නන් හෘද රෝගවලින් මියයාමේ සම්භාවිතාව සියයට 31 කින් අඩුව ඇති බවද එහිදි හදුනාගෙන තිබෙනවා.
එක්සත් ජනපදයේ වැඩිහිටි පුද්ගලයින් 40,000 කට වැඩි පිරිසක් මෙම අධ්‍යයනය සදහා යොදාගෙන ඇති අතර එහිදි හෙළිව ඇත්තේ උදෑසන කෝපි බොන අය කෝපි නොබොන අයට වඩා දිගු කාලයක් ජීවත් වන බවයි.
එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රකාශිකාවක් වන Natalie Rafoul සදහන් කළේ දැනටමත් හෘදරෝග ඇති පුද්ගලයින් මෙම පුවතත් සමග කෝපි බීමේ පුරුද්ද වැඩි කිරීම වෙනුවට තමන් ලබා ගතයුතු කැෆේන් ප්‍රමාණය ගැන වෛද්‍ය නිර්දේශ ලබාගැනීම වඩාත් සුදුසු බවයි.
කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ කෝපි පානය කරන කාලය හෘද සෞඛ්‍යය සම්බන්ධයෙන් විශාල වෙනසක් ඇති කළ හැකි බවයි.
විශේෂිත සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයින් වැඩි වශයෙන් කෝපි පානයට පෙර ඔබේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.