ලොස් ඇන්ජලීස් අවට පැතිර යන ලැව්ගිනි තත්ත්වය හොලිවුඩ් කඳුකරය දක්වාම පැතිර ගොස් තිබෙනවා.
ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම නිවාස සිය ගණනක් විනාශවී ඇති බවත් සඳහන්.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ගින්න ආරම්භ වූ අඟහරුවාදා දින සිට වියළි කාලගුණය, පවතින සුළි කුණාටු තත්ත්වය ගිනි නිවීමේ මෙහෙයුම්වලට බාධා පමුණුවන බවයි.
ඒ අනුව 100,000 කට වැඩි පිරිසකට අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නියෝග කරන ලද බවත් සඳහන්.
ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස්, ඝානාවේ නිල සංචාරයක් අතරමඟ නතර කර ලොස් ඇන්ජලීස් වෙත ආපසු යාමෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මෙය ‘ගිනි කුණාටුවක්’ වන බවයි.