ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (09) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
දෙසැම්බර් 26 වනදායින් පසු ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙලෙස සුලු වශයෙන් හෝ ඉහළ ගිය පළමු අවස්තාව මෙය බවයි
එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 188 යි ශත 45 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 179 යි ශත 04 ක් ලෙසයි.
අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 300යි ශත 31 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 291 යි ශත 75ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර මේ වන විට සුළු ඉහළ යැමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 311.63 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 299.27 ක් ලෙසයි.