Search

ගුවන් යානයක දි කතකට අතවර කල ලාංකිකයාට ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්

පසුගිය දෙසැම්බර් 18වන දා ශ්‍රී ලංකාවේ සිට මෙල්බන් බලා ආ ජාත්‍යන්තර ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයාට අද මෙල්බන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තුරු රටින් පිටවීම තහනම් කරමින් අදාළ නියෝගය නිකුත් කර තිබුණා.

41 හැවිරිදි ලාංකිකයා අද භාෂණ පරිවර්තකයෙකු සහ ආධාරකරුවන් දෙදෙනෙකු සමඟ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

සැකකරු ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව බලා යන ගුවන් යානයකදී කාන්ත මගියකුට අශෝභන ක්‍රියාවක් සිදු කළ බවට ලද පැමිණිල්ල අනුව ඔහුට විරුද්ධව නඩු පවරා තිබුණා.

ඒ අනුව දෙසැම්බර් 18 වන දා සැකකාර ශ්‍රී ලාංකිකයා මෙල්බන් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව අශෝභන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එයට වරදකරු වුවහොත් වසර හතක සිරදඬුවමක් දක්වා උපරිම දඬුවමකට යටත්වීමට සිදුවන බවයි දන්වා ඇත්තේ.

සැකකරු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාර දීම, ප්‍රාන්තය හෝ රට හැර නොයෑම, සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයකට වාර්තා කිරීම සහ නිවෙස් ඇඳිරි නීතිය යටතේ ජීවත් වීම ඇතුලු කොන්දේසි රැසක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »