Search

තරුණ වික්ටෝරියානුවන්ට නොමිලේම රියදුරු පුහුණුවක්

වික්ටෝරියා හි රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන නවක රියදුරන් සදහා නොමිලේ රියදුරු පුහුණුවක් ලබා දීමේ නව වැඩසටහනක් ප්‍රාන්ත රජය විසින් ආරම්භ කර තිබෙනවා.

My Learners Free Lesson ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පැයක කාලයක් සදහා නොමිලේ පුහුණුවක් හිමිවනු ඇති.

නව සහ තරුණ රියදුරන් සඳහා මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වන අතර පලපුරුදු රියදුරු උපදේශකවරුන් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන බව සදහන්.

තරුණ රියදුරන්ට අත්‍යවශ්‍ය මාර්ග ආරක්ෂණ කුසලතා
වැඩි දියුණු කිරීම සදහා මේ යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීම ද විශේෂත්වයක්.

නවක රියදුරෙකුට අවම වශයෙන් පැය 120ක අධීක්ෂණයක් යටතේ රියදුරු පුහුණුවක් අවශ්‍ය වන බවයි දන්වා ඇත්තේ.

මූලික අධියර යටතේ මෙම වසරේ පවුල් 15000කට පමණ මේ යටතේ ප්‍රතිලාභ හිමිවන බව සදහන්.

සාමාන්‍ය වෘත්තීය රිය පැදවීමේ පාඩම් මාලාවක් සඳහා ඩොලර් 100ක් දක්වා වැය වන අතර ජීවන වියදම හමුවේ පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්ට මෙය වඩාත් වාසි සහගත බවයි දන්වා ඇත්තේ.

විශේෂයෙන් P-තහඩු බලපත්‍ර හිමියන්ට පළමු වසර තුළ බරපතල රිය අනතුරු අත්විඳීම සිව් ගුණයකින් ඉහළ වන අතර එම අනතුරු අවම කිරීම මෙම නොමිලේ සේවාවන් හි අරමුණයි.

මේ සදහා ලියාපදිංචි වීමට mylearnersdrive.com.au  යන වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකියි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »