Search

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය අද (09) නම් කර තිබෙනවා.

එම සංචිතය සදහා ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවති තරගාවලිය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී නොවීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස්, ජෝශ් හේසල්වුඩ්, මිචෙල් මාෂ් ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඇතුලත් වී නැහැ.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත් ට හිමි වී තිබෙනවා.

කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ ට්‍රැවිස් හෙඩ් ට වීම ද විශේෂත්වයක්.

තරගාවලිය ජනවාරි 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය,

Steve Smith (C), Travis Head (VC), Sean Abbott, Scott Boland, Alex Carey, Cooper Connolly, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Matt Kuhnemann, Marnus Labuschagne, Nathan Lyon, Nathan McSweeney, Todd Murphy, Mitchell Starc, Beau Webster

 

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »