ශ්‍රී ලංකාවේ 2024 වසර සදහා වූ Pinnacle සම්මාන උලෙළේදී වසරේ හොදම තේමා ගීතය සහ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය හිමිකරගැනීමට ඉන්ද්‍රජිත් මිරිහාන සමත්වුණා.
ඒ Take Care ටෙලි නාට්‍යයේ ආචාර්ය නන්දා මාලිනිය සහ විශාරද අභිශේකා විමලවීර ගායනා කල “සපත්නීරොෂයක්” තේමා ගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් වීමද විශේෂත්වයක්.
ඉන්ද්‍රජිත් මිරිහාන කලක් පටන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ඔහු දැනට ඔස්ට්‍රේලියාවේ සිටියද ශ්‍රී ලංකාවේ කලා නිර්මාණ වෙත සෑම අවස්ථාවකදීම දායකත්වය දැක්වීම විශේෂත්වයක්.
වසර ගණනක් ඔහු ඔස්ට්‍රේලියාවේ දී සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.
ඒ වාගේම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන බොහෝ ප්‍රසංගවල සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ද ඉන්ද්‍රජිත් මිරිහානයි.
Youtube සමාජ මාධ්‍යය තුළ පවා එම ගීතට මිලියන ගණන් ඉක්මවූ නැරඹුම්වාර සංඛ්‍යාවක් හිමිකර ගැනීමද විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකේය සම්මාන උළෙලකදී ඇගයීමට පත් ඉන්ද්‍රජිත් මිරිහානට AusLanka Tv අපෙන් උණුසුම් සුබ පැතුම්