2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍රය වල වෙනසක් සිදුවන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව බෙදා හැරීමේ රියදුරන්, හෙදියන් සහ විදුලි මෝටර් රථ විශේෂඥයින් 2030 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා ලෙසයි නම් කර ඇත්තේ.
2025 වසරේ රැකියා වාර්තාවට අනුව සෑම වෘත්තීන්පහෙන් එකක් වසර 5ක් තුළ රටේ ප්‍රධාන සමාජ, ආර්ථික සහ තාක්‍ෂණික වෙනස්කම් වලට අභියෝග කරනු ඇති බවයි.
ඔස්ට්‍රේලියානු කර්මාන්ත සමූහය විසින් අද නිකුත් කරන ලද වාර්තාවකට අනුව ඉදිරි වසර 5 තුල ඔස්ට්‍රේලියාවේ රැකියා මිලියන 78 ක් ශුද්ධ ලාභ උත්පාදනයන් ගෙන එන බවයි.
2030 වසර වන විට රැකියා කුසලතා වලට ඉහළ අගයක් එක්වන අතර ඊට වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවද සදහන්.
තවද 2025 සහ 2030 අතර ඔස්ට්‍රේලියාවේ සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 7 ක ශුද්ධ වර්ධනයක් පෙන්නුම් කරන බව සොයා ගෙන තිබෙනවා.
විශේෂයෙන් එම වකවානුව වන විට වඩාත්ම වර්ධනයක් දැකිය හැකි රැකියා අතර ගොවිපල සේවකයින්, බෙදාහැරීමේ රියදුරන්, ඉදිකිරීම් කම්කරුවන්, විකුණුම්කරුවන් සහ ආහාර සැකසුම් කම්කරුවන් වැනි රැකියා පෙරමුණට ඒම විශේෂත්වයක්.