![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
මෙල්බන්හි හි පිහිටි කොන්සල් කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයින් සේවය පතා ගිය අවස්ථා වලදී ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු විසින් එල්ල කළ චෝදනාවක් අපි ඊයේ දවසේ ප්‍රචාරය කළා.
ඒ සම්බන්ධයෙන් අපි දැනට එම කාර්යාලයේ කොන්සල් අරුණ දේවේන්ද්‍රගෙන් විමසීමක් සිදු කළා.
එහිදි ඔහු සදහන් කලේ
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
මාධ්‍යවේදියා : පාස්පෝට් එකක් සෑදීමට කොන්සල් කාර්යාලයට ලබා දී මාස 6ක් ගතවුවත් ඊට ප්‍රතිචාර නොදක්වන්න හේතුව කුමක් ද?
කොන්සල් වරයා : චෝදනාව එල්ල කළ ජානක නැමැත්තා අදාල අයදුම්පත් ලබාදීලා මාස 4යි. මුදල් ගෙවලා ඒම අයදුම්පත් සම්පූර්ණ කරලා තියෙන්නේ අගෝස්තු 8 / අපි ඒ අයදුම්පත් අගෝස්තු 15 වන විට කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මාධ්‍ය වේදියා – අදාළ පුද්ගලයාගේ පාර්ශවයෙන් මෙම අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ passport කාර්යාලයට ගොස් විමසීමක් කිරීමේ දි සදහන් කර ඇත්තේ ක්ෂණිකව ඊට අදාළ අඩුපාඩු මෙල්බන් කොන්සල් කාර්යාලයට දැන්වුවත් එයින් ප්‍රතිචාර නොදැක්වීමට ප්‍රමාද වන බවයි?
කොන්සල් වරයා :ලියකියවිලි අඩුපාඩු වුනාම අපි ඒ අඩුපාඩු අයදුම්කරුට දන්වලා ඒවා යලිත් නිරාකරණය කරගන්න ටික කාලයක් යනවා.
මාධ්‍යවේදියා -අගෝස්තු 8 දුන්න අයදුම්පතට අදාලව Passport එකක් හදන්න කොච්චර කාලයක් යනවා ද?
කොන්සල් වරයා :ඉස්සර මාස 5ක් 6ක් ගියා දැන් මාස 4යි යන්නේ
මාධ්‍යවේදියා – මෙල්බන් කොන්සල් කාර්යාලයෙ නිලධාරින් සේවා පතා එන ශ්‍රී ලාංකිකයින් ගැන තැකීමක් කරන් නෑ කියන චෝදනාව එල්ල වෙනවා ඒ ඇයි?
කොන්සල් වරයා – 2024 වසරේ කොන්සල් කාර්යාලයට පාරිභෝගිකයින් 5460ක් වේලාවන් වෙන් කරගෙන අවශ්‍යතා සදහා එනවා. එවැනි අවස්ථාව මෙහෙම ප්‍රශ්න අරන් එන ඒවත් අපි විසදන්න ඕනේ.
මාධ්‍යවේදියා – කොන්සල් ජනරාල් කෙනෙක් නැති එකද මේ ප්‍රශ්නේ?
කොන්සල් වරයා – ඒක ප්‍රශ්නයක් නෙමේ සේවාව අපි කරන් යනවා
මාධ්‍යවේදියා -ලෝකයේ දියුණු රටවල් හා සැසදීමේදී ලාංකාවේ විතරද මෙහෙම ප්‍රමාද?
කොන්සල් වරයා – ඕනෑම රටක passport නිකුත් කරන ක්‍රමවේදයට අනුව අපිත් ඒ ක්‍රමවේදයට අනුව කටයුතු කරනවා
මාධ්‍යවේදියා – කොන්සල් කාර්යාල මහජන සම්බන්ධතා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කොහොමද?
කොන්සල් වරයා – දැන් මමත් වැඩ භාරගෙන ඒ කාලසීමාව තුළ මාත් ඔවුන්ව නිරීක්ෂණය කරලා තියෙනවා ඔවුන් පාරිභෝගිකයින්ට සුහදාශීලි සේවාවක් දෙනවා. පාරිභෝගිකයින්ගෙන් ද මට පැමිණිලි ලැබිලත් නැහැ..
නමුත් පාරිභෝගිකයින්ට එහෙම දෙයක් වෙලා තියෙනවා නම් සෘජුවම මට දැනුම් දෙන්න මම ඒ ගැන සොයා බලනවා
මාධ්‍යවේදියා – online ක්‍රමවේදය කොහොමද?
කොන්සල් වරයා – මෙල්බන් හි වෙසෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට උප්පැන් සහතිකය, විවහ සහතිකය සහ වෙනත් අයෙකුගේ මරණ සහතිකය පවා දැන් කොන්සල් කාර්යාලයෙන් ලබා ගන්න පුලුවන්.