Search

දින 13ක සිට අතුරුදන් ඔස්ට්‍රේලියා තරුණයා කඳු මුදුණෙන් හමුවෙයි

නිව් සවුත් වේල්ස් හි සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි කඳු නගින්නෙකු සොයාගෙන තිබෙනවා.

වෛද්‍ය ශිෂ්‍යයෙක් වන හඩි නසාරි නම් මොහු පසුගිය දෙසැම්බර් 26 වනදා ස්නෝවි කඳුකර කලාපයේ කොස්කියුස්කෝ ජාතික වනෝද්‍යානයේ තම මිතුරන් සමඟ මෙම කන්ද තරණය ට එක්ව ඇති අතර, ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේදීයි අතුරුදහන් වී ඇත්තේ.

ඉන් පසුව නසාරිගේ මිතුරන් සහ පවුලේ අය ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් 23 හැවිරිදි තරුණයා සොයා ගැනීමේ සෙවුම් කටයුතුවලට එක්ව තිබුණා.

ඊයේ පස්වරු 3.00 ට පමණ වෙනත් කඳු නගින්නන් පිරිසකට ඔහුව හමුව ඇති බව සඳහන්.

පසුගිය දින 13 පුරා ඔහු තමන් සතුව තිබූ muesli bars දෙකක් සහ බෙරි වර්ගයක් ආහාරයට ගත් බවයි හඩි නසාරි පවසා ඇත්තේ.

කඳු නගින්නන් හදිසි සේවා ඇමතීමෙන් පසු, පරිපූරක වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර හෙලිකොප්ටරයක් ආධාරයෙන් රෝහල්ගත කර ඇති බව සඳහන්.

මේ වන විට ප්‍රතිකාර ලබන හඩි නසාරි හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත්, ඔහුට සැලකිය යුතු තුවාල කිසිවක් නොමැති බවත් එම නිලධාරීන් පවසා තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »