ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa (subclass 866) සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී අයදුම් කරන Protection Visa (subclass 866) විශාල ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වනු ඇති බවටයි පුරෝකතනය කෙරෙන්නේ.
ඇතැම් රටවල අයදුම්කරුවන්ගේ වීසා අයදුම් පත් ප්‍රතික්ෂේප වීමේ අනුපතය 100% ක් වන බව ද සදහන්.
ඔස්ට්‍රේලියාව තුළ සරණාගත භාවය අත්‍යවශ්‍ය වී තිබෙන පුද්ගලයන් පමණක් මෙම වීසා කාණ්ඩය සදහා අයදුම් කළ යුතු බව ද ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් පෙන්වා දී තිබෙනවා.
රැකියා අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාව පැමිණීම බලාපොරොත්තු වන පුද්ගලයන් සදහා මෙම වීසා බලපත්‍රය වලංගු නොවන බවයි දැක්වෙන්නේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම හරහා ලබා ගත හැකි බවද වැඩිදුරටත් සදහන්.