ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මදුරුවන්ගෙන් බෝවන රෝග වැලැක්වීම සදහා නව ව්‍යාපෘතියක් අත්හදා බැලීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ජානමය වෙනස්කම්වලට භාජනය කරන ලද මදුරු විශේෂයක් පරිසරය වෙත මුදා හැරීමෙන් බවයි පැවසෙන්නේ.
“Oxitec Australia” නමින් හදුන්වන මෙම වැඩසටහන Commonwealth Scientific and Industrial Organization (CSIRO) සහ බ්‍රිතාන්‍ය සමාගමක් වන Oxitec විසින් ඒකාබද්ධ වී සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.
අදාළ ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වී ඇත්තේ ආක්‍රමණශීලි මදුරු විශේෂයන්ගේ තර්ජනයට ලක්ව තිබෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ජානමය වෙනස්කම්වලට භාජනය කළ මෙම නව මදුරු විශේෂය හදුන්වා දීමයි.
කෙසේ වෙතත් Gene Technology Regulator කාර්යාලයේ නිසි අවසරය ලැබෙන තුරු ඔවුන්ට මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමට නොහැකි වන බවයි දැක්වෙන්නේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රමවේදය සාර්ථක වුවහොත් ලොව පුරා මදුරුවන්ගෙන් බෝවන රෝග වැළැක්වීම සදහා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.