Search

බ්‍රිතාන්‍ය ETA අයදුම් කිරීමේදී සිදු වන වංචා ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

එක්සත් රාජධානිය විසින් ඉකුත් දා ක්‍රියාත්මක කළ Electronic Travel Authorisation (ETA) සදහා අයදුම් කිරීමේ දී ඔස්ට්‍රේලියානුවන්ට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට සයිබර් අපරාධ විශේෂඥයින් විසින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ සයිබර් අපරාධකරුවන් විසින් මෙම ක්‍රමවේදය අනිසි ලෙස වංචනික ක්‍රියා සදහා යොදාගැනීමට උත්සහ කරනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

සයිබර් අපරාධ විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත්තේ මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සංචාරකයින් තුළ පවතින නොදැනුවත් භාවය සයිබර් අපරාධකරුවන් විසින් විවිධ අපරාධ සදහා ප්‍රයෝජනයට ගැනීමට උත්සහ කරන බවයි.

නීති බලාත්මක කරන ආයතන විසින් දැනටමත් මෙම අවසර පත්‍ර අලෙවි කරන නිල නොලත් ව්‍යාජ වෙබ් අඩවි 100 කට වඩා හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානියේ සංචාරය කිරීම සදහා අවශ්‍ය වන මෙම අවසර පත්‍රය ලබා ගත හැක්කේ UK ETA App හෝ එක්සත් රාජධානි නිල වෙබ් අඩවිය හරහා පමණයි.

අදාළ අවසර පත්‍රය ලබා ගැනීම සදහා මුදල් ගෙවීමේ දී සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි සයිබර් අපරාධ විශේෂඥයින් විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »