Search

වික්ටෝරියා හි නිවාස ඉදි කරන්න වෙන් කළ මුදල් ගැන නවතම වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්ත පලාත් පාලන ප්‍රදේශ සදහා වෙන් කළ නිවාස අරමුදල් සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

පසුගිය වසරේ නොවම්බර් මස අවසානය දක්වා වෙන් කළ නිවාස අරමුදල් සම්බන්ධ තොරතුරු Homes Victoria විසින් නිකුත් කළ මෙම දත්ත වාර්තාවේ ඇතුලත්.

ඒ අනුව මෙම කාලසීමාව තුළ වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ Greater Geelong වෙත වන අතර එම මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 487.5 ක් බවයි දැක්වෙන්නේ.

Port Pilip හි නිවාස අරමුදල් සදහා ඩොලර් මිලියන 426 ක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

ආදළ කාල සීමාව තුළ Stonnington වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 401 ක් බවයි වාර්තා වී ඇත්තේ.

Bayside වෙත ද නිවාස අරමුදල් වෙනුවෙන් ඩොලර් මිලියන 381 ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ සදහා මෙල්බන් වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 366 ක් වන අතර ඒ හරහා නිවාස 1766 ක් ඉදි කිරීමටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් වලින් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කරනු ලබන්නේ මෙල්බන් හී වීම ද විශේෂත්වයක්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »