ලොව හොදම විශ්ව විද්‍යාල 500 පිහිටා ඇති රටවල් සම්බන්ධයෙන් නවතම ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
World of Statistics වෙබ් අඩවිය විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර එහිදී ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.
ලොව ඉහළ පෙළේ විශ්වවිද්‍යාල අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 24 ක් ඇතුලත් වී තිබීම ද විශේෂත්වයක්.
මෙහි පළමු ස්ථානය දිනා ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර ඇමෙරිකානු විශ්ව විද්‍යාල 129 ක් ලොව හොදම විශ්ව විද්‍යාල අතර පවතින බවයි සදහන් වන්නේ.
ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ චීනයට වන අතර චීන විශ්ව විද්‍යාල 74 ක් ලොව හොදම විශ්ව විද්‍යාල අතරට එක්ව තිබෙනවා.
බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල 38 ක් ද ජර්මානු විශ්ව විද්‍යාල 28 ක් ද මෙම ලැයිස්තුව සදහා ඇතුලත් ව තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙම විශ්ව විද්‍යාල ලැයිස්තුව නියෝජනය කරන කැනේඩියානු විශ්ව විද්‍යාල ප්‍රමාණය 20 ක් වන බව ද එහි වැඩිදුරටත් සදහන්.