සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.
හැමිල්ටන් හීදී පැවති තරගයේ ආරම්භය සදහා වර්ෂාවෙන් බාධා වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දු වාර 37 කට සීමා කිරීමට සිදු වුණා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දු වාර 37 අවසානයේ දී කඩුළු 09 ක් දැවී ලකුණු 255 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් (Hat -Trick) ලබා ගත් මහීෂ් තීක්ෂණ පන්දු වාර 08 ක් තුළ ලකුණු 44 කට කඩුලු 04 ක් බිද හෙළීමට සමත් වුණා.
ලකුණු 256 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු වාර 30 පන්දු 02 තුළ රැස් කර ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ කමිදු මෙන්ඩිස් ලකුණු 64 රැස් කළ ද එය තරග ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.