Search

McDonald’s විසින් ඔස්ට්‍රේලියානුවන්ට දෙන අලුත්ම Menu එක

McDonald’s විසින් ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නව ආහාර පාන කිහිපයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2018 වසරෙන් පසුව McOz Burger නැවතත් ඔස්ට්‍රේලියානුවන් වෙත හදුන්වා දීමටයි සමාගම විසින් තීරණය කර ඇත්තේ.

මෙම Burger වර්ගයේම කුකුළු මස් අඩංගු Burger වර්ගයක් ද (Chicken McOz Burger) Vegimate රසැති නව French Fries (Shaker Fries) වර්ගයක් ද පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට නියමිතයි.

McDonald’s සමාගම විසින් ඔස්ට්‍රේලියානුවන්ගේ අතුරුපස මෙනුවේ ද වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව Cadbury Crunchie සහ කැරමල් අඩංගු McFlurry, Cadbury Cruchie Fappe ඔවුන්ගේ අතුරුපස මෙනුව සදහා එකතු කර තිබෙනවා.

මේ අතර “Squad Down Under Bundle” සදහාද Mcdonalds ආයතන විසින් විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබීම ද විශේෂත්වයක්.

කැරමල් අඩංගු කරමින් සැකසූ නව අතුරුපස ජනවාරි 22 වනදා සිට පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අවකාශය හිමි ව තිබෙන බවයි දැක්වෙන්නේ.

අනෙකුත් ආහාර වර්ග අද සිට සියලු McDonald’s අලෙවිසැල් හරහා පාරිභෝගියන් වෙත මිලදී ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නව ආහාර පාන අඩංගු මෙනුව සීමිත කාලයක් සදහා පමණක් වලංගු වනු ඇතැයි වැඩිදුරටත් අපේක්ෂා කෙරෙන්නේ

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »