Meta සමාගම විසින් සිය සමාජ මාධ්‍ය ජාලයන් තුළ ක්‍රියාත්මක වූ Fact – Checking වැඩසටහන නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ වෙනුවට X වැනි සමාජ මාධ්‍ය ජාලාවල භාවිතා වන Community – driven පද්ධතියක් හදුන්වා දීමටයි සමාගමේ ඉදිරි සැලසුම වී ඇත්තේ.
2016 වසරේ දී Meta සමාගම විසින් Fact – Checking වැඩසටහන හදුන්වා දී තිබෙනවා.
එම වසරේ දී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී සිය සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මෙම වැඩසටහන හදුන්වා දීම සදහා හේතු වූ බවයි පැවසෙන්නේ.
මෙම නව වෙනස්කම හරහා ලොව පුරා සිටින Facebook , Instagram, Threads පරිශීලකයන්ට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.