ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැසිෆික් පාලිසඩ්ස් ප්‍රදේශයෙන් ඇරඹි දැවැන්ත ලැව් ගින්නක් දකුණු කැලිෆෝනියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අක්කර 20ක පමණ කුඩා ප්‍රදේශයකින් ආරම්භ වූ ලැව් ගින්න, පැය කිහිපයක් තුළ අක්කර 1,200 දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ප්‍රදේශයේ නිවාස 10,000කට සහ ගොඩනැගිලි 13,000කට තර්ජනයක් එල්ල වී ඇති බව සදහන්.
ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිස්ටින් ක්‍රව්ලි පවසන පරිදි, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 250කට අධික පිරිසක් සහ
හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන රථ යොදවා ඇති බවයි.
ආරක්ෂිත පියවරක් ලෙස 30,000කට අධික පිරිසක් එම කලාප වලිම් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කාලගුණ විශේෂඥයින්ගේ අනතුරු ඇඟවා ඇත්තේ තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවයි.
දැඩි සුළඟ හේතුවෙන් ගින්නෙන් විසි වන ගිනි පුපුරු සැතපුම් ගණනක් දුර ගමන් කර නව ගිනි ඇවිලීමේ අවදානමක් පවතින බව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක් දැනටමත් වසා දමා ඇති අතර, ප්‍රදේශවාසීන්ට හදිසි ආපදා තත්ත්වයකදී ඉවත් වීමට සූදානම්ව සිටින ලෙස උපදෙස් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ලොස් ඇන්ජලීස් නගරය දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.